වැදගත් සිදුවීම්

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ඉදිකරන ලද “රැප්ලිං කුළුණ” (Rappelling Tower) විවෘත කෙරේ.

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඉදිකරන ලද ප්‍රථම අංග සම්පූර්ණ රැප්ලිං කුළුණ “Rappelling Tower” නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කිරීම 2020 ජුලි මස 03 වන දින සිදු කරන ලදි.

04 Jul 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 879ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 03 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

04 Jul 2020

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 34 දෙනෙකු අධිකාරියට පත් කෙරේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ සහ කොතලාවල ආර්ක්‍ෂක විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 33 වන සහ 34 වන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරින් 34 දෙනෙකු අධිකාරියට පත් කිරීම 2020 ජුලි 03 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කරන ලදී.

04 Jul 2020

දැරණියගල රාස්ස කන්ද ප්‍රදේශයේ මෙහෙණි ආරාමයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සුරතින් රෝපණය කෙරේ.

දැරණියගල රාස්ස කන්ද ප්‍රදේශයේ අළුතින් ඉදිකරමින් පවතින මෙහෙණි ආරාමයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝ අංකුරයක් රෝපණය කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ සුරතින් 2020 ජුලි මස 02 වන දින සිදු කරන ලදි.

04 Jul 2020

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් තිදෙනෙක් (03) පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් තිදෙනෙකු (03) 2020 ජුලි මස 01 සහ 02 යන දිනයන්හිදී එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

04 Jul 2020