නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ඉදිකරන ලද “රැප්ලිං කුළුණ” (Rappelling Tower) විවෘත කෙරේ.

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඉදිකරන ලද ප්‍රථම අංග සම්පූර්ණ රැප්ලිං කුළුණ “Rappelling Tower” නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කිරීම 2020 ජුලි මස 03 වන දින සිදු කරන ලදි.

නාවික හමුදාව සතු සුවිශේෂී බලඝණයක් වන විශේෂ යාත්‍රා බලඝණයේ නාවික පුද්ගලයින්ගේ පුහුණුවීම් කටයුතු සඳහා අවශ්‍යතාවයක්ව පැවති මෙම රැප්ලිං කුළුණ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශය මගින් සාර්ථකව ඉදි කරන ලදි. මෙම රැප්ලිං කුළුණ විවෘත කිරීමේ උත්සවය වර්ණවත් කිරීම සඳහා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ නාවික පුද්ගලයින් විසින් විචිත්‍රවත් සන්දර්ශනයක් පැවැත් වූ අතර එහි දී ත්‍රාස්‍ජනක ක්‍රියාකාරකම් රැසක් එම නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලදී. මෙම කුළුණ අඩි 60ක උසකින් යුතු වන අතර නාවික හමුදාව සතු සියළු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ එකම රැප්ලිං කුළුණද මෙය වේ.

මෙම අවස්ථාවට නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා ඇතුළු නැගෙනහිර විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් රැසක් මෙන්ම නාවිකයින් පිරිසක්ද සහභාගී වී සිටින ලදී