හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව හා හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය හා එක්ව 2020 ජුලි මස 04 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටියි. එලෙස තවත් එක් මෙහෙයුමක් 2020 ජුලි මස 04 වන දින දකුණු නාවික විධානයට අනුක්ත නාවික පුද්ගලයින් පිරිසක් හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන් පිරිසක් හා එක්ව හම්බන්තොට ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කර ලදී. එහි දී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අසල සිදුකල පරීක්‍ෂාවකදී මාර්ගයේ ගමන් ගත් සැක සහිත යතුරු පැදියක් පරීක්ෂාවට ලක් කිරීමේදී අදාල යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා (02) සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2.351 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව සොයා ගන්නා ලද හෙරොයින් ප්‍රමාණය, සැකකරුවන් දෙදෙනා (02) සහ යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී .

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය ප්‍රමාණය, සැකකරුවන් දෙදෙනා (02) සහ යතුරු පැදිය ඉදිරි විමර්ශන කටකටයුතු සඳහා හම්බන්තොට පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.