කේරල ගංජා සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනිමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ සුරා බදු දෙපාර්තමේන්තුව එක්ව 2020 ජුලි මස 04 වන දින මන්නාරම උලියන්කුලම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය සමඟ සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් විය

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් තම දායකත්වය ලබා දෙමින් සිටී. ඒ අනුව ක්‍රියාත්මක කර තවත් එක් මෙහෙයුමක් උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ උතුරු පළාත් සුරාබදු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කාර්යාලයේ පිරිසක් සමග එක්ව 2020 ජුලි මස 04 වන දින මන්නාරම උලියන්කුලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදී. එහිදී කේරළ ගංජා කිලෝ 03 ග්‍රෑම් 870 ක පමණ ප්‍රමාණයක්, යතුරුපැදි දෙකක් සහ මුදලින් රුපියල් ලක්‍ෂයට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර, අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් ලක්‍ෂ 06 කට ආසන්න වන බවට ගණන් බලා ඇත.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා හා වයස අවුරුදු 30ක් වන එම ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බවට හඳුනාගන්නා ලද අතර, අදාළ සැකකරු, ගංජා තොගය, යතුරු පැදි සහ මුදල් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු උතුරු පළාත් සුරා බදු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කාර්යාලය මගින් සිදු කරනු ලබයි