ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ නව පිහිනුම් තඨාකය නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ

ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද පිහිනුම් තඨාකය 2020 ජුලි 04 නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අතින් විවෘත කරන ලදී.

ගිණිකොන නාවික විධානයේ නාවික පුද්ගලයින් සඳහා අත්‍යාවශ්‍යව පැවති මෙම පිහිනුම් තඨාකය නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වය මත නාවික හමුදාව සතු පිරිවැය උපයෝගි කර ගනිමින් ඉදි කරන ලදී. එසේම මෙම විවෘත කිරීමේ උත්සව අවස්ථාව වර්ණවත් කරමින් සන්දර්ශනාත්මක පිහිනුම් තරගයක්ද පවත්වන ලද අතර, එහිදි ජයග්‍රණය කරන ලද නාවික පුද්ගලයින් හට ත්‍යාග ලබා දීම සඳහා ද නාවික හමුදාධිපති තුමන් සහභාගී විය.

මෙම අවස්ථාව සදහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුල් හා විද්‍යුත් හා ගිණිකොන නාවික විධානය භාර ආඥාපති ඇතුළු ගිණිකොන නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක් ද සහභාගී වී සිටියහ.