නාවික හමුදාව විසින් නාගදීප රජමහා විහාරයේ ඉදි කරන ලද නව පහන් වැට විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාගදීප රජමහා විහාර පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ අභිනව පහන් වැට විවෘත කිරීම 2020 ජුලි 04 වන දින නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් සිදු කරන ලදී.

ඓතිහාසික වැදගත් කමක් සහ ලාංකික බෞද්ධ ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයක් වන යාපනය, නාගදීප රජමහා විහාර පරිශ්‍රයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව පහන් වැටක් ඉදි කිරීම පසුගිය දිනක ආරම්භ කරන ලදි. අලංකාර ආවරණයක් සමගින් විහාරය වෙත ආගමික වැදගත්කමක් එක් කරමින් අවසන් කරන ලද එම පහන් වැට 2020 ජුලි මස 04 වන දිනට යෙදුනු ඇසළ පුරපසලොස්වක පොහොය දිනයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් විවෘත කරන ලදි. මෙම පහන් වැට ඉදිකිරීම උතුරු නාවික විධානයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවිකයින් විසින් සිදු කරන ලදි.

එසේම පහන් වැට විවෘත කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර ඇතුළු විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් බෝධිපූජා පිංකමකටද සහභාගී විය.