නීති විරෝධී ගිනි අවි දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 05 වන දින කිලිනොච්චිය, නොච්චිමුනයි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ගිනි අවි දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි.

2020 ජුලි 05 වන දින නාවික හමුදාව වෙත ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ මුලන්කාවිල් පොලිසිය එක්ව කිලිනොච්චිය, නොච්චිමුනයි ප්‍රදේශයේ සිදු කරන ලද ‍සෝදිසි කිරීමකදී නිවසක් පරික්‍ෂාවට ලක්කර එහි සූක්‍ෂම ලෙස සඟවා තිබූ නීති විරෝධී ගිනිඅවි දෙකක් (02) සොයා ගැනීමට සමත් විය. ඒ අනුව එම නිවසේ සිටි සැකකරුවන් දෙදෙනෙකුද (02) සමග අදාල ගිනි අවි දෙක (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුන් වයස අවුරුදු 22 ක් වන පල්ලවරායන්කඩ්ඩු සහ තුනුක්කායි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව තහවුරු කරගත් අතර, අදාල සැකකරුවන් සමග ගිනි අවි පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු මුලන්කාවිල් පොලිසිය විසින් සිදු කරනු ලබයි.