වැදගත් සිදුවීම්

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වයි.

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් 2020 ජුලි 04 සහ 05 දිනයන්හි උතුරු නාවික විධානයේ වෙරළ තීරයන් කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදී.

06 Jul 2020

ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ ඉදිකරන ලද නව යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ල විවෘත කෙරේ.

සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද යෝගට් ව්‍යාපෘතිය සඳහා වන නව ගොඩනැගිල්ල 2020 ජුලි මස 04 වන දින විවෘත කිරීම සිදු කරන ලදි.

06 Jul 2020

නාවික හමුදා සහයෙන් පාසල් සහ අධ්‍යාපනික ආයතන විෂබීජහරණය කෙරේ

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 05 වන දින කුරුණෑගල, නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය සහ මරදාන, ශ්‍රී ලංකා තාක්‍ෂණ විද්‍යාලය විෂබීජහරණය කිරීම සිදු කරන ලදී.

06 Jul 2020

නීති විරෝධී ගිනි අවි දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 05 වන දින කිලිනොච්චිය, නොච්චිමුනයි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ගිනි අවි දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි.

06 Jul 2020

තහනම් ධීවර දැල් යොදා අල්ලන ලද මසුන් කිලෝ 200 ක ප්‍රමාණයක් සමග පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට.

නාවික හමුදාව විසින් 2020 ජුලි මස පස්වන දින පුල්මුඩේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ මුර සංචාරයක දී තහනම් දැල් යොදා ගනිමින් අල්ලන ලද මසුන් කිලෝ 200ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

06 Jul 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 885ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 05 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

06 Jul 2020