ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ අද (2020 ජුලි 07) නාවික හමුදා මූලස්ථානයෙහි නිල සංචාරයක නිරත විය.

නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවී සුහද කතාබහක නිරත විය. විශේෂයෙන් කපිතාන් අශෝක් රාඕ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරින් ඉදිරියේදී නික්මයාමට නියමිතව ඇති බැවින් මෙලෙස නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි.

මෙහිදී නාවික හමුදාධිපති තුමන් විසින් සිය රාජකාරි කාලසීමාව තුලදී කපිතාන් අශෝක් රාඕ ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතවේදීත්වය ප්‍රකාශ කර සිටි අතර, ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුභාශින්ෂන එක්කර සිටින ලදි. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ වෙත සමරු තිළිණයක්ද ප්‍රධානය කරන ලදි.