වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ අද (2020 ජුලි 07) නාවික හමුදා මූලස්ථානයෙහි නිල සංචාරයක නිරත විය.

07 Jul 2020

නාවික හමුදාව විසින් නින්දවූර් මුහුදු තීරයේදී මිණිමුතු මෝරෙකු බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2020 ජුලි 06 වන දින කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු (Whale shark – Rhincodon typus) බේරා ගෙන දියඹට මුදා හැරිමට කටයුතු කරන ලදි.

07 Jul 2020

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 05 වන දින කාකතිව් දූපතට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

07 Jul 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙකු (03) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 888ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙකු (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 06 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

07 Jul 2020