වැදගත් සිදුවීම්

අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙහි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා නාවික හමුදාව වෙත රුපියල් ලක්‍ෂ විසි තුනක (රු 2300,000.00) පරිත්‍යාගයක්.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙහි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක අරමුදල වෙත Kiwanis Club Of Colombo City සහ The District Grand Lodge Of Sri Lanka ආයතනයන් වෙතින් අද (2020 ජුලි 08) රුපියල් ලක්‍ෂ විසි තුනක (රු 2300,000.00) පරිත්‍යාගයක් සිදු කරන ලදි.

08 Jul 2020

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 07 වන දින මන්නාරම, මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි.

08 Jul 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව්දෙනෙකු (04) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 892ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙකු (04) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 07 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

08 Jul 2020