නීති විරෝධී තහනම් දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 05 දෙනකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුලි මස 8 වන දින මුලතිව්, කෝකිලායි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තහනම් ධීවර දැල් යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 05 දෙනකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටී. ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් මුලතිව්, කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් ධීවර දැල් යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු අදාල තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් ත්‍රිකුණාමලය කොඩුවකට්ටු ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන්, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා මුලතිවු සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.