නාවික හමුදාව කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 ජූලි 08 වන දින කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේදී තහනම් දැලක් නාවික හමුදා බාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාව වටා වූ සාගර කලාපයේ මත්ස්‍ය සම්පත සහ සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් නාවික පිරිසක් විසින් කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නිතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට එලා තිබූ මීටර 510ක පමණ දිගින් යුත් තහනම් දැලක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

ඒ අනුව, අදාල තහනම් දැල ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්පිටිය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.