සාමාන්‍ය ප්‍රතිකාර සඳහා යලි විවෘත කල වැලිසර නාවික හමුදා රෝහලෙහි සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක්.

සාමාන්‍ය ප්‍රථිකාර කටයුතු සඳහා වැලිසර නාවික හමුදා රෝහල නැවත විවෘත කිරීම නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් සහ දානමය පිංකමක් එම රෝහල් පරිශ්‍රයේදී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

වැලිසර නාවික මහ රෝහල කොවිඩ් - 19 ආසාධිත නාවික රණවිරුවන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙස නම් කිරීමත් සමග සාමාන්‍ය රෝග සඳහා ප්‍රතිකාර කිරීම සීමා විය. වර්ථමානයේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 වසංගත තත්වය හොඳින් පාලනය කිරීමත් සමග නාවික හමුදා මහ රෝහල් පරිශ්‍රය කොරෝනා රෝගයෙන් තොර කළාපයක් බවට සනාථ කර ඇත. එබැවින්, රෝහලේ සාමාන්‍ය කටයුතු 2020 ජුලි මස 10 වන දින සිට නැවතත් යථා තත්වයට පත්කිරීමට කටයුතු කරනු ලබන අතර,. ඒ නිමිත්තෙන් රෝහලේ කාර්ය මණ්ඩලය විසින් 2020 ජුලි මස 08 වන දින එම රෝහල් පරිශ්‍රයෙහි සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් සහ අද (2020 ජුලි 09) උදෑසන ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් පැවැත්වීමට කටයුතු කරන ලදි.

මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා ඇතුළු තවත් නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටින ලදි.