වැදගත් සිදුවීම්

බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 54 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 54 දෙනෙකු 2020 ජුලි මස 07 සහ 08 වන දින එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

09 Jul 2020

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සමුද්‍රීය මූලධර්ම සංග්‍රහයක් නාවික හමුදාව එළිදක්වයි.

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සම්පාදනය කරන ලද සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය (Maritime Doctrine of Sri Lanka) එළිදැක්වීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජුලි 09) දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු විය.

09 Jul 2020

සාමාන්‍ය ප්‍රතිකාර සඳහා යලි විවෘත කල වැලිසර නාවික හමුදා රෝහලෙහි සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක්.

සාමාන්‍ය ප්‍රථිකාර කටයුතු සඳහා වැලිසර නාවික හමුදා රෝහල නැවත විවෘත කිරීම නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් සහ දානමය පිංකමක් එම රෝහල් පරිශ්‍රයේදී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

09 Jul 2020

නාවික හමුදාව කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 ජූලි 08 වන දින කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේදී තහනම් දැලක් නාවික හමුදා බාරයට ගන්නා ලදි.

09 Jul 2020

නීති විරෝධී තහනම් දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 05 දෙනකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුලි මස 8 වන දින මුලතිව්, කෝකිලායි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තහනම් ධීවර දැල් යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 05 දෙනකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

09 Jul 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 894ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 08 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

09 Jul 2020