නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුලි මස 09 වන දින නිලාවේලි, නවච්චෝලෙයි ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

නාවික හමුදාව මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සෘජු දායකත්වය ලබා දෙමින් නිරන්තර මෙහෙයුම් කටයුතු දියත් කරමින් සිටී. එලෙස ක්‍රියාත්මක තවත් එක් මෙහෙයුමක් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ සර්ධාපුර, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සමග එක්ව නිලාවේලි, නවච්චෝලෙයි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 ජුලි මස 09 වන දින සිදු කරන ලදි. එහිදී සැකකටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව විකිණීම සඳහා සූදානම් කර තිබූ කේරළ ගංජා ග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව අදාල පුද්ගලයා සහ ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 27ක් වන නවච්චෝලෙයි, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ පදංචිකරුවකු බවට හදුනා ගෙන ඇති අතර, අදාල සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය පිළිබඳ ඉදිරි විමර්ශණ කටයුතු කුච්චවේලි පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.