මුහුදේ එලා තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර මුහුදේ එලා තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

නොයෙක් තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව දිවයින වටා වූ සාගර කළාපයේ මුර සංචාරයන් දියත් කරනු ලබන අතර, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 ජුලි මස 09 වන දින පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී මසුන් ඇල්ලීම සඳහා මුහුදේ එළා තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද තහනම් දැල ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කරන ලදි.