කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව හා පොලිසිය එක්ව 2020 ජුලි 09 වන දින කින්නියා ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා නමැති ප්‍රබේදයට අයත් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ කින්නියා පොලිසිය එක්ව 2020 ජුලි 09 වන දින කින්නියා ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදි. එහිදී තවුපික් ක්‍රීඩාංගනය ආසන්නයේදී මාර්ගයේ ගමන් කළ සැකකටයුතු පුද්ගලයෙක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 30 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදල සැකකරු සමග මත්ද්‍රව්‍ය ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කල අතර, සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි බවට වැඩිදුරටත් අනාවරණය කරගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වන අතර, මේ වන විට සාම්පූර් ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටින බව වැඩිදුරටත් තහවුරු කරගන්නා ලදි. සැකකරු සහ ඔහු සතුව තිබූ මත්ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු කින්නියා පොලිසිය විසින් සිදු කරනු ලබයි.