කොමාණ්ඩර් නිලන්ත කුරුකුලසූරිය ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් නිලන්ත කුරුකුලසූරිය 2020 ජුලි 11 වන දින වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් රාජ් ප්‍රසන්ත විසින් කන්කසන්තුරය, පීඑච් බේ (PH Bay) ජැටිය පරිශ්‍රයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු එල්එච්එස්ආර් ලේල්වල ද සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.