සුඛෝපභෝගි වෑන් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 11 වන දින කොච්චිකඩේ ප්‍රදේශයේදී කේරළ ගංජා ප්‍ර‍බේදයට අයත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ මීගමුව පොලිසිය එක්ව කොච්චිකඩේ ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් සිදු කරන ලදි. එහිදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු සුඛෝපභෝගි වෑන් රථයක් නිරීක්‍ෂනය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී එහි සඟවා ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 04ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව එම වෑන් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) සමග එම මත්ද්‍රව්‍ය තොගය සහ අදාල වෑන් රථය (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත් අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් වයස අවුරුදු 27 සහ 38 වන වියෙහි පසුවන ලීහිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය කරගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), මත් ද්‍රව්‍ය තොගය සහ සුඛෝපභෝගී වෑන් රථය (01) පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු මීගමුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.