නාවික හමුදා සහයෙන් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 12 වන දින වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නාවික හමුදාව විසින් තහනම් මත්ද්‍රව්‍ය රට තුළට රැගෙන ඒම, රට තුළ ව්‍යාප්තවීම වැලැක්වීම සහ මර්ධනය සඳහා නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටියි. එලෙස සිදු කළ මෙහෙයුමක් වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ වනාතවිල්ලුව පොලිසිය එක්ව වනාතවිල්ලුව ‍ප්‍රදේශය ‍කේන්ද්‍රකර ගනිමින් 2020 ජුලි 12 වන දින සිදු කරන ලදි. එහිදී සැකකටුයුතු යතුරුපැදියක් නිරීක්‍ෂනය කර සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී එහි ගමන්ගත් පුද්ගලයා සතුව සූක්‍ෂම ලෙස සඟවා රැගෙන යමින් තිබූ හෙරෝයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 10 ක සහ කේරළ ගංජා ග්‍රෑම් 18 මිලිග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව එම සැකකරු සමග හෙරෝයින් හා කේරළ ගංජා ප්‍රමාණය සහ යතුරුපැදිය අත්අඩංගුයට ගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 29 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, අදාල සැකකරු අත්අඩංගුවට ගන්නා ලද හෙරෝයින් හා කේරළ ගංජා ප්‍රමාණය සහ යතුරුපැදිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු වනාතවිල්ලුව පොලිසිය මගින් සිදු කරනු ලබයි.