ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් එස් පේජ් (BRAIAN S. PAGE) අද (2020 ජුලි 13) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි.

නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ආරක්‍ෂක උපදේශකතුමන් නාවික සම්ප්‍රදායානුකූලව නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලද අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යයාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය. මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ආරක්‍ෂක උපදේශකතුමන් වෙත නාවික හමුදාව විසින් සම්පාදනය කරන ලද සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය (Maritime Doctrine of Sri Lanka) සමරු තිළිණයක් වශයෙන් ලබා දීමද සිදු කරන ලදි.