නීති විරෝධීලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 12 වන දින ආරුගම්බේ, කලපුකට්ටුව කළපු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැලක් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටිනු ලබන අතර, ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් ආරුගම්බේ, කලපුකට්ටුව කළපු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැලක් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එහිදී එම පුද්ගලයා මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන ලද තහනම් දැල (01), ඔහු විසින් අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 08 ක පමණ ප්‍රමාණයක් සහ ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 61 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට තහවුරු කරගත් අතර, අදාල පුද්ගලයා, ධීවර යාත්‍රාව, තහනම් දැල, මසුන් කිලෝග්‍රෑම් 08 ක පමණ ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පොතුවිල් පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.