නාවික හමුදාව විසින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි නිකවැරටිය, සියඹලෑව ග්‍රාමයේ ස්ථාපිත කරන ලද 750 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේ අද (2020 ජුලි 13) විවෘත කරන ලදි.

ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලිම සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘති අරමුදලේ මූල්‍ය දායකත්වය මත සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් මහජනතාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණින් නිකවැරටිය, සියඹලෑව ග්‍රාමයේ මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 ජුලි 13) අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේ මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කරන ලද අතර, මෙමගින් ප්‍රදේශවාසී ජනතාවගේ දෛනික පානිය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව පවති.

තවද, මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන නාවික හමුදාව, ඉදිරියටත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කරමින් සිටී.