නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 ජුලි 13) අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හමුවිය.

23 වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ධූරයෙන් විශ්‍රාම යාමට පෙර සාම්ප්‍රධානුකූලව නිල වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හමුවීම අද (2020 ජුලි 13) අරලියගහ මන්දිරයේදී සිදු විය. එහිදී ගරු අග්‍රාමාත්‍යතුමන් නාවික හමුදාධිපති සමග සුහද පිළිසඳරක නිරත වූ අතර, නාවික හමුදාධිපති වෙත සුභ අනාගතයක් සඳහා සිය සුභාශිංසන එක් කරන ලදි.

2020 ජුලි 15 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ධූරයෙන් විශ්‍රාම යාමට නියමිත අතර, මෙම හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ගරු අග්‍රාමාත්‍යතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.