වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 ජුලි 13) අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හමුවිය.

13 Jul 2020

නාවික හමුදාව විසින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි නිකවැරටිය, සියඹලෑව ග්‍රාමයේ ස්ථාපිත කරන ලද 750 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේ අද (2020 ජුලි 13) විවෘත කරන ලදි.

13 Jul 2020

නීති විරෝධීලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 12 වන දින ආරුගම්බේ, කලපුකට්ටුව කළපු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැලක් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

13 Jul 2020

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් එස් පේජ් (BRAIAN S. PAGE) අද (2020 ජුලි 13) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි.

13 Jul 2020

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් උතුරු නාවික විධානයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වයි.

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් 2020 ජුලි 11 සහ 12 යන දිනයන්හි උතුරු නාවික විධානයේ වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදී.

13 Jul 2020

නාවික හමුදා සහයෙන් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 12 වන දින වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

13 Jul 2020

සුඛෝපභෝගි වෑන් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 11 වන දින කොච්චිකඩේ ප්‍රදේශයේදී කේරළ ගංජා ප්‍ර‍බේදයට අයත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

13 Jul 2020