‘සයුරුසර’ සඟරාවේ 41 වන කලාපය එළිදකී

‘සයුරුසර’ සඟරාවේ 41 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2020 ජුලි 14 ) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිළිගන්වන ලදි.

මෙම අවස්ථාව සඳහා නාවික සහායක හා ‘සයුරුසර’ සඟරාවේ උපදේශක, කොමදෝරු ධම්මික කුමාර, නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි හා ‘සයුරුසර’ සඟරාවේ විධායක අධීක්‍ෂක, ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සුරියබණ්ඩාර, මාණ්ඩලික නිලධාරි (මාධ්‍ය) හා ‘සයුරුසර’ සඟරාවේ ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) සාලිය සුදුසිංහ ද එක්වි සිටියහ.

නාවික හමුදා පුද්ගලයින්ගේ කියවීමේ හා ලිවීමේ රුචිය වර්ධනය කිරීම, නාවික පුද්ගලයින්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔප් නැංවීම සහ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන විවිධ සමාජ සත්කාරක වැඩසටහන්, පාරිසරික ප්‍රතිපත්තිය ඇතුළු විශේෂිත අවස්ථාවන් පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් නාවික හමුදා මාධ්‍ය ඒකකය විසින් සයුරුසර සඟරාව අර්ධ වාර්ශිකව ප්‍රකාශයට පත් කෙරේ.

තවද, නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත කොරෝනා වසංගත තත්වය හමුවේ නාවික හමුදා පුද්ගලයින්ගේ මානසික සුවතාවය ඉහල නැංවීම අරමුණු කරගනිමින් ඔවුන්ගේ නිර්මාණ සඳහා වෙනම තීරයක් මෙවර සයුරුසර කලාපය තුලින් වෙන් කරන ලද අතර, ඉතා ආකර්ශණීය ගද්‍ය සහ පද්‍ය නිර්මාණ රැසක් සමගින් මෙවර කලාපය ප්‍රකාශයට පත් කර ඇත.