නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී

නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 ජුලි 14) ජනාධිපති මන්දිරයේදී අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් හමුවිය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා අද්මිරාල් නිළයට උසස් කිරීමෙන් පසු සහ නාවික හමුදාධිපති ධූරයෙන් විශ්‍රාම යාමට පෙර සාම්ප්‍රධායානුකූලව නිල වශයෙන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් හමුවීම අද (2020 ජුලි 14) ජනාධිපති මන්දිරයේදී සිදු විය. එහිදී අතිගරු ජනාධිපතිතුමන් නාවික හමුදාධිපති සමග සුහද පිළිසඳරක නිරත වූ අතර, නාවික හමුදාධිපති වෙත සුභ අනාගතයක් සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් සිය සුභාශිංසන එක් කරන ලදි.

2020 ජුලි 15 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ධූරයෙන් විශ්‍රාම යාමට නියමිත අතර, මෙම හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් අතිගරු ජනාධිපතිතුමන් හට සමරු තිළිණයන් ද ප්‍රදානය කරන ලදි.

තවද, නාවික හමුදාධිපති වශයෙන් විශ්‍රාම යාමට පෙර ගරු ආරක්‍ෂක ලේකම් ‍මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඇතුළු යුධ හා ගුවන් හමුදාපතිවරුන් සහ වැඩ බලන පොලිස්පති හමුවීම ද අද දින සිදු වූ අතර, එම හමුවීම් සනිටුහන් කරමින් සමරු තිළින හුවමාරුවක්ද සිදු කරන ලදි.