නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 16) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ගරු ආරක්ෂක ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.

එහිදී, ගරු ආරක්ෂක ලේකම්තුමා විසින් ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිතුමන් වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමන ලදි. සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා ආරක්ෂක ලේකම් තුමන් හමුවූ එම පළමු නිල හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.