නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 17) අරලිය ගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය. මෙම හමුව වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව ගරු අග්‍රාමාත්‍යතුමන් හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය.

එහිදී ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අග්‍රාමාත්‍යතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.