කේරල ගංජා සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනිමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 17 වන දින මතුගම, අගලවත්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් තම දායකත්වය ලබා දෙමින් සිටී. ඒ අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් අළුත්ගම පොලිස් විශේෂකාර්ය බලකාය සමග එක්ව මතුගම, අගලවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී සැක කටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 584 පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලද අතර, එම කේරළ ගංජා තොගය, සැකකරු හා අදාල යතුරුපැදිය අත්අඩංගුවට ගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 29 ක් වන එම ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බවට හඳුනාගන්නා ලද අතර, අදාළ සැකකරු, කේරළ ගංජා තොගය සහ යතුරු පැදිය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මතුගම පොලිසිය වෙත භාර දෙන ලදි.