වැදගත් සිදුවීම්

ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

සිය ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලී 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

21 Aug 2020

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුධ, ගුවන් හා නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

21 Aug 2020

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

21 Aug 2020

63 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 63 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය 2020 අගෝස්තු 19 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

21 Aug 2020