රියර් අද්මිරාල් සංජීව ඩයස් උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සංජීව ඩයස් 2020 සැප්තැම්බර් 14 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති වශයෙන් එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මගින් ආචාරය පිරිනමමින් නව ආඥාපති උතුරු මැද නාවික විධානය වෙත පිළිගන්නා ලද අතර, ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රියර් අද්මිරාල් සංජීව ඩයස් උතුරු මැද නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදි.

විධානයේ හිටපු ආඥාපති රියර් අද්මිරාල් ලලිත් දිසානායක වෙත නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලද අතර මෙම අවස්ථාව සඳහා විධානයේ නි‍යෝජ්‍ය ආඥාපති, විධානයේ ආයතනයන්හි අණදෙන නිලධාරීන්, විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.