වැදගත් සිදුවීම්
“අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය - 2020” සමාරම්භක උත්සවය සඳහා නාවික හමුදාධිපති තුමන් සහභාගී වෙයි.
![](../assets/images/news/event_news/front_img/202009191430.jpg)
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් සංවිධානය කරන ලද “අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය - 2020” හි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (2020 සැප්තැම්බර් 19) ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
19 Sep 2020
උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය වැඩ භාර ගනී
![](../assets/images/news/event_news/front_img/202009191045.jpg)
උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය 2020 සැප්තැම්බර් 18 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
19 Sep 2020