වැදගත් සිදුවීම්

අභිනව බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය විවෘත කෙරේ

ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ අභිනවයෙන් ඉදිකරන ලද බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය (AOPV Stores and Workshop Complex), නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2020 දෙසැම්බර් 12) ත්‍රිකුණාමලය නාවික තටාකාංගන පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

12 Dec 2020

නාවික හමුදා නිලධාරීන් 23 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්න කල දාහතරවන වන (14) පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ සහතික ප්‍රදාන උත්සවය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී 2020 දෙසැම්බර් මස 11 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද සහභාගී විය.

12 Dec 2020