ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථම වරට සංවිධානය කරන ලද සැඟවුණු වෙඩික්කරුවන්ගේ වෙඩිතැබීමේ තරඟාවලිය (Naval Sniper Firing Competition) 2020 දෙසැම්බර් 14 වන දින සිට ත්‍රිකුණාමලය නාවික තටාකංගණ පරිශ්‍රයේදී පවත්වන ලද අතර, තරඟාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් 2020 දෙසැම්බර් මස 20 වන දින ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.