මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රියර් අද්මිරාල් මොහාන් ජයමහ අනුස්මරණ ස්මාරකය විවෘත කෙරේ

මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රියර් අද්මිරාල් මොහාන් ජයමහ, අභීත රණවිරුවා අනුස්මරණය කිරීම වෙනුවෙන් දඹුල්ල, දඹුලුගම මප/ගලේ/වීර මොහාන් ජයමහ මහා විද්‍යාලයේ නාවික හමුදාව විසින් ඉදිකල අනුස්මරණ ස්මාරකය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2021 ජනවාරි 29) දින එම විදුහල් පරිශ්‍රයේදී විවෘත කෙරිණි.
29 Jan 2021
නාවික හමුදා සමාජිකයින් හට “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම වැලිසර නාවික රෝහලේදී

අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ඉල්ලීම පරිදි ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” (AstraZeneca Covishield) එන්නතෙහි නාවික හමුදාව වෙත වෙන් කරන ලද එන්නත් ප්‍රමාණය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නාවික මහ රෝහල වැලිසර වෙත රැගෙන ඒමෙන් පසු එහි පළමු මාත්‍රාව නාවික හමුදාව තුල කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කටයුතු කරනු ලබන ඉදිරිපෙළ නාවික හමුදා සාමාජිකයින් වෙත සංකේතාත්මකව ලබා දීම අද (2021 ජනවාරි 29) වැලිසර නාවික මහ රෝහලේදී සිදු කෙරිණි.
29 Jan 2021
ඉදුරාම බඳවා ගැනීමට අයත් නවක නිලධාරීන් සහ නිලධාරිනියන් 34 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉදුරාම බඳවාගත් නවක නිලධාරීන් හා නිලධාරිනියන් 34 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (2021 ජනවාරි 15) වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
15 Jan 2021
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ අද (2021 ජනවාරි 15) දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙතින් අද (2021 ජනවාරි 15) එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී. එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් නව තනතුරේ වැඩ භාර ගත් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත සුභපැතුම් එක් කරන ලදී.
15 Jan 2021