නාවික හමුදාවේ සේවය කළ විශ්රාමික නිලධාරීන්ගෙන් සැදුම්ලත් ‘මෙන් ඉන් වයිට්ස්’ (Men in whites) සංවිධානය මගින්, ප්ලාස්ටික් ප්රතිචක්රීකරණය මගින් නිපදවූ රෙදි උපයෝගී කර ගනිමින් මසා නිම කළ ටී ෂර්ට්ස් ආබාධිත නාවික හමුදා රණවිරුවන් වෙත ප්රදානය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සංකේතාත්මකව භාර දීම එම සංවිධානයේ කොමාණ්ඩර් (විශ්රාමික) හිරාන් සොයිසා සහ ලුතිනන් (විශ්රාමික) අයේෂ් ඉන්ද්රනාත් රණවක යන නිලධාරීන් විසින් 2020 දෙසැම්බර් 31 වන දින නාවික හමුදා මූලස්තානයේදී සිදු කෙරිණි.