නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ගාල්ල, ඉමදූව පරගොඩ ශ්‍රී ගුණරත්න ප්‍රාථමික විද්‍යාලයට පුස්තකාල ගොඩනැගිල්ලක්
නාවික හෙඳ විදුහලේ පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් 44 ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2019 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 44 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය අද (2021 පෙබරවාරි 25) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
25 Feb 2021
සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩවර්ජනය හේතුවෙන් රෝහල් වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට නාවික හමුදා සහය

රෝහල් කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදු වන අපහසුතා මඟ හරවා ගැනීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීම සඳහා නාවික හමුදා වෛද්‍ය අංශයේ සාමාජිකයින් ඇතුලුව නාවික හමුදා පුද්ගලයින් යොමු කිරීමට කටයුතු කරන ලදි .
25 Feb 2021
නාවික හමුදාව විසින් ඉදි කළ 821 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මැල්සිරිපුර, උමන්දාව මහා විහාර ආශ්‍රම පරිශ්‍රයේදී ජනතා අයිතියට පත් කෙරේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සිදු කරන ලද තවත් සමාජ සත්කාරයක් ලෙස ඉදි කළ 821 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මැල්සිරිපුර, උමන්දාව මහා විහාර ආශ්‍රම පරිශ්‍රයේ දී අද (2021 පෙබරවාරි 24) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
24 Feb 2021
නාවික හමුදාව විසින් නෞකා සඳහා ප්‍රථම වරට මුහුදු ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදා හරියි
ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ගඟ හරහා වක්වැල්ල ප්‍රදේශයේ ඉදි කර ඇති පටු පාලම තුල අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, 2021 පෙබරවාරි 20 වන දින නාවික හමුදාව විසින් වක්වැල්ල පාලම තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.
22 Feb 2021
යුද්ධයේදී අබාධිත වූ යුද්ධ හමුදා සාමජිකයින් වෙනුවෙන් ‘මිහිදු සෙත් මැදුරෙහි’ පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ.

යුද්ධයේදී අබාධිත වූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාදනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන ‘මිහිදු සෙත් මැදුර’ සුව නිකේතනයෙහි නේවාසික යුද්ධ හමුදා අබාධිත සාමාජිකයින් සඳහා, ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චිත්‍රානි ගුණරත්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 21 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය.
21 Feb 2021