මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් කාන්තා දින සැමරුම් වැඩසටහනක් ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහභාගීත්වයෙන් 2021 මාර්තු 08 වන දින අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.