OCEANLUST විද්යුත් සඟරාව මඟින් සංවිධානය කරන ලද 2021 වර්ෂයේ ප්රථම කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්රධානත්වයෙන් අද (2021 මාර්තු 27) උස්වැටකෙයියාව Malima Club House උත්සව ශාලා පරිශ්රයේදී පැවැත්වුණු අතර, මෙම වැඩසටහනේදී කැළණි ගං මෝයේ සිට උතුරු දෙසට විහිදෙන ස්වාභාවික කොරල් පරය සහ වෙරළ තීරය පිරිසිදු කිරීම සිදුකරන ලදි.