වැදගත් සිදුවීම්

‘Galaxy Cup’ අවුරුදු 25න් පහළ සුපර්ලීග් කාන්තා වොලිබෝල් ශූරතාවය - 2021 නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ‘Galaxy Cup’ වයස අවුරුදු 25න් පහළ සුපර්ලීග් වොලිබෝල් ශූරතාවය - 2021 අවසන් මහා තරගයේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජ කාන්තා කාණ්ඩායම පරදා එහි කාන්තා ශූරතාවය දිනා ගැනීමට අද (2021 අප්‍රේල් මස 24) දින සමත් විය. මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ මෙම ශූරතාවලියේ කාන්තා අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

24 Apr 2021

විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් අවමංගල්‍යාධාරයක්

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ සේවය කර විශ්‍රාම යන ලද නාවික පුද්ගලයින්ගේ සුභ සාධන කටයුතු වඩාත් පුළුල් කිරීමේ අරමුණින් ඔවුන්ගේ අවමංගල්‍ය අවස්තාවකදී අදාල විශ්‍රාමික නාවික පුද්ගලයාගේ ලඟම ඥාතීන් වෙත රුපියල් ලක්‍ෂයක (රු.100,000.00) අවමංගල්‍යාධාරයක් පිරිනැමීමේ වැඩපිලිවෙලක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරේ.

24 Apr 2021