ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුද, ගුවන් හා නාවික ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී නික්ම යාමට නියමිත කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා (Colonel Denis I. Shkoda) අද (2021 ජුනි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.