කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කළ ඉල්ලීමකට අනුව කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහි නාවික හමුදා තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් නවීකරණය කරන ලද විශේෂ ප්‍රතිකාර ඒකකය (High Dependency Unit) අද (2021 ජුනි 25) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කර සෞඛ්‍ය සේවයට එක් කෙරිණි.