ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිත්‍ය (තාක්‍ෂණික) හා ස්වේච්ඡා 1/2021 බඳවා ගැනීමට අයත් නිලධාරීන් 26 දෙනෙක් විසිරයාම අද (2021 අගෝස්තු 14) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සංජීව ඩයස් ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවැත්විණි.