ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 දින ත්රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව අගෝස්තු 18 පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ අතර, එම සායනික ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 20) චෙන්නායි වරායෙන් ශ්රී ලංකාව බලා පිටත් විය.