ක්‍රවුන් රෝයල් හෝල්ඩින්ස් ආයතනයේ සභාපති සහ හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන විශ්‍රාමික ලුතිනන් කොමාණ්ඩර් අජිත් කාංගර ආරච්චි මහතා විසින් ඔහුට අයත් සියළු පහසුකම් සහිත තෙමහල් නිවසක් නාවික හමුදා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත භාරදීම 2021 අගෝස්තු 23 වන දින අග්ගොන තලංගම ප්‍රදේශයේදී සිදු කෙරිණි.