ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ නිව්පෝර්ට් නගරයේ පිහිටි ඇමෙරිකානු නාවික සංග්‍රාමික පාසලේදී 2021 සැප්තැම්බර් මස 14 වන දින සිට 17 වන දින දක්වා පැවැත් වූ ඇමෙරිකානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුද්‍රීය ආධිපත්‍ය සමුළුවෙහි (International Seapower Symposium) 24 වන සැසි වාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.