වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිළ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2021 ඔක්තෝබර් මස 09 සහ 10 දෙ‍දින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයේ මෙහෙයුම් හා සුභසාධන කටයුතු පිළිබඳව අධීක්‍ෂණය කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය ද සහභාගී විය.

11 Oct 2021

නාවික හමුදාව ඉදිකළ තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් මහව, බක්මීගහවත්ත ප්‍රදේශයේදී ජනතා අයිතියට

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස මහව, බක්මීගහවත්ත ගම්මානයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2021 ඔක්තෝබර් මස 10 වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

11 Oct 2021