වැදගත් සිදුවීම්

242 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 324 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 242 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් සහ ආධුනික කාන්තා නාවිකයින් 324 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට අද (2021 ඔක්තෝබර් 16) පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

16 Oct 2021

රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝණයක් කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත්, ‘Gremyashchiy’ යන Corvette වර්ගයේ යුද නෞකාව හා B – 603 සහ B – 274 යන සබ්මැරීනයන්ගෙන් සමන්විත නෞකා බලඝනයක් අද (2021 ඔක්තෝබර් 16) ‍ කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

16 Oct 2021

ඉන්දීය යුද හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන ඉන්දීය යුද හමුදා ප්‍රධානී (Chief of Army Staff of Indian Army) ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) අද (2021 ඔක්තෝබර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

16 Oct 2021